දිය නෑමට ගිය පියා සහ දරුවන් දෙදෙනා මරුට

waterfall Wallavay Alla
By Sewvandhi Oct 20, 2021 02:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පියා සහ දරුවන් දෙදෙනෙක්.

ඔවුන් අද පස්වරුවේ දිය ඇල්ල නැරඹීමට සහ දිය නෑම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ අවුරුදු 15ක පුත්‍රයා සහ අවුරුදු 11ක දියණිය දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. දියේ ගිලුණු පිරිස ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් බේරාගෙන ඇතත් ඔවුන් ඒවන විටත් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. මේ අතර පසුගිය 7 වනදා ද ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්වුණා. ඔහු එම අනතුරට ලක්ව තිබුණේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටියදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now