මැතිවරණ පනත් කෙටුම්පත් සලකා බලන්න තවත් සාමාජිකයන්....

Report

පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අතිරේක සාමාජිකයන් වශයෙන් පත්කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ප්‍රසන්න රණතුංග, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, කංචන විජේසේකර, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, නීතිඥ නාමල් රාජපක්ෂ, මයන්ත දිසානායක, රෝහිණි කුමාරි විජේරත්න යන මන්ත්‍රීවරුන් කාරක සභාවට නම් කරන බවයි.

මැතිවරණ පනත් කෙටුම්පත් සලකා බලන්න තවත් සාමාජිකයන්.... | Consider The Election Bill More Members

එසේම පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සලක බැලීමට ද අතිරේක සාමාජිකයන් 8 දෙනෙකු පත් කර තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර , ඉරාන් වික්‍රමරත්න, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප් විතාන සහ ඩී. වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එම කාරක සභාවට පත් කර තිබෙනවා. 

ගුරුවරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටි උපාධිධාරින්ට රජයෙන් විශේෂ අවස්ථාවක්

ගුරුවරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටි උපාධිධාරින්ට රජයෙන් විශේෂ අවස්ථාවක්

...........................