අනේ දෙවියනේ පස් කන්දක් කඩා වැටිලා මාස තුනක බිලිදෙක් ඇතුළු තුන්දෙනෙක් මරු තුරුලට

Report

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නාවලපිටිය පොලීසිය සදහන් කළේ මෙම නාය යෑමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව‍යි.

එම  ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිවසට පස් කන්ද කඩා වැටී ඇත .

ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීම සදහා විශාල උත්සහයක් යෙදුණද එය ව්‍යර්ථ වී ඇත.

මෙම අනතුරින් මිය ගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති බව වාර්තා වෙයි .

තවද නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය සදහන් කරන්නේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කඳවුරු කරා යොමු කළ බවයි.