කොළඹටත් ආපදාවෙන් බලපෑම් - මාර්ග රැසක් අවහිර වෙයි

Report

දැනට  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් කරන්නේ මේ වනවිට මාර්ග කිහිපයක ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් පිළිබද වාර්තා වන බවයි.

 පොලීසිය  සදහන් කරන්නේ  ඒ හේතුවෙන්  විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි

ඒ අනුව පහත මාර්ග මේ වනවිට අවහිර වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල  අසළ

 කැප්පෙටිපොළ මාවත

ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නය

ඇල්විටිගල මාවත

රැජින පාර හන්දිය

කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල