ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ගැනීමට මෙන්න දුරකථන අංකයක්
පොලීසිය විසින් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහය ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
වර්තමානයේ රට පුරා පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටක පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහය ලබා ගැනීමට ඔබට හැකියාව පවතී.
අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා -071-8591868