මාතරට ගංවතුර තත්වයක්
By Kanchana
මාතර ආපදා කළමණාකරන ඒකකය ප්‍රකාශ කරන්නේ මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි.
වර්ථමානයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මතුව තිබු සුළු ගංවතුර තත්ත්වය තව දුරටත් පවතින බව වාර්තා වේ.
ඒ අනුව මේ හේතුවෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදාව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා මතුව ඇත. තවද එම එම ප්‍රදේශය ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යටව පවතින බව වාර්තා වෙයි.
මාතර ආපදා කළමණාකරන ඒකකය තව දුරටත් සදහන් කරන්නේ මෙම සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි.