පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් වසා දමයි
දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සදහන් කර ඇත්තේ නේවාසිකාගාරවල සිටින සිසුන් ආරක්ෂිතව සිටින ලෙසයි.
තවද මේ වන විට අධික වර්ෂාවත් හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (මල්වත්ත) මේ වන විට ජලයෙන් යටව තිබේ.
ඒ අනුව සරසවිය අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති ආකාරය දැකගත හැකිය.
බලධාරින් සදහන් කරන්නේ ඒ අවට සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.