ශ්‍රීලන්කන් වෙතින් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Report

දැනට ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී ඇත .

එසේත් නැතිනම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසත් ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දී තිබේ.

ඒ වගේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගත් බවයි .