කලාවැව පාලමේ මගීන් 70ක් සමඟ බස් රථයක් නවතී
By Kanchana
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතර වී තිබේ.
පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අද (28) පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බවයි.
ඉන්පසුව ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"ඒ කියපු අනුරාධපුර සිද්ධිය නිවැරදියි. ඒ බස් එකට දැනුම්දීලත් තිබුණා යන්න එපා කියලා. ඒ අනුව හිරවෙලා තිබෙනවා. එතන 60ක් ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳව ගන්න බව කිව්වා."