කොළඹ - නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දමයි
By Kanchana
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බවයි .
මේ හේතුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර ඇත්තේ කොළඹ - නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමටයි.
එබැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ කොළඹ - නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් තවද අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසයි. .