ආපදාවට ලක් වුණ ජනතාව වෙනුවෙන් යුද හමුදාව පෙරට

Report

ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසයි.

තවද මේ පිළිබද යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සදහන් වෙන්නේ මේ වන විටත් 20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බවයි.

යුද හමුදාව විසින් ඊයේ (27) දිනයේ දී පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් පමණ වු ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ වග වාර්තා වේ.

ඒ වගේම විශේෂයෙන් අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපැමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රිකයන් හි පවතින අධික ජලගැලිම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී තිබේ .

එහෙත් එම බාධාවන් මධ්‍යයේ වුවත් ජනතාවට සෙත සලසමින් මුදවා ගැනීම් කටයුතු අඛණ්ඩව සිදුකිරිමට යුද හමුදාව කටයුතු කරනු ලබයි.

තවද මේ සදහා යුද හමුදාවට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාවද ආපදාවට ලක් වී ඇති ජනතාව වෙනුවෙන් සහන සැලසීමට මේවන විටත් කටයුතු කරනු ලබයි.