හදිසි ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක්
ආපදා සහන සේවා කටයුතු සදහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් රජයෙන් වෙන්කර ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.
තවද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන්ට සදහන් කර ඇත්තේ ඊට අමතරව මුදල් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම මුදල ඉල්ලා ලබාගන්නා ලෙසයි.
ඒවගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සඳහන් කළේ එතුමා ජනාධිපතිතුමා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් උදෑසන නවයට පැවැත්වීම කටයුතු යොදා ඇති බවයි