දර ලොරියේ කොටයක් ඇගට වැටීමෙන් පාසල් සිසුවාට තුවාල

Report

හයිලෙවල් මාර්ගයේ දී අද දින උදෑසන අනාරක්ෂිත ලෙස දැව පටවාගෙන ධාවනය වූ ලොරි රථයකින් ලී කොටයක් ඇදවැටීමෙන් පාසල් දරුවෙකුගේ පාදයකට තුවාල සිදු වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව පාදුක්ක පොලිසිය සදහන් කර තිබේ.

 තුන්නාන සිරි සුමනජෝති මහ විදුහලේ සිසුවකු මෙසේ තුවාල ලබා තිබෙන බව සදහන් වෙයි සිසුවා මවත් සමග පාගමින් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණි .

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් කතට වුණ දේ මෙන්න

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් කතට වුණ දේ මෙන්න

කුරුණෑගල ප්‍රදේශයේ සිට කොළඹ දෙසට කදන් සහිත දැව තොගයක් අනාරක්ෂිත ලෙස පටවාගෙන ධාවනය කරමින් සිටියදී එම ලොරි රථයේ අසුරා තිබූ ලී කොටයක් ඇද වැටී ඇත

එම මොහොතේ අසල් වැසියන් කටයුතු කර තිබෙනුයේ දරුවා ප්‍රතිකාර සඳහා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට යැවීමටයි .