විද්‍යාපීඨ බඳවා ගැනීම් සම්බන්ධයෙන් දැනුම්දීමක්.
Ministry of Education
Sri Lanka Politician
Sri Lanka
Education
By krishani
2019 සිට 2022 වසර දක්වා උසස් පෙළට පෙනී සිටි කිසිදු කණ්ඩායමකින් මේ වන තෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කර නොමැත.
ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය සඳහන් කළේ ය.
අදහස් දක්වමින් මන්ත්‍රීතුමිය කියා සිටියේ, ගුරුවරුන් විශාල පිරිසකගේ හිඟයක් වර්තමානයේ පවතින බවයි.
නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එම හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
කෙසේ වෙතත්, රට මේ වනවිට අධ්‍යාපනය හමුවේ භයානක අනතුරක ඇති බව වැඩිදුරටත් ඇය කියා සිටියේ ය.
