Facebook සාදයක් පැවැත් වූ 12දෙනකු අත් අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මාතර පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයන් 12 දෙනකු විවිධ මත් ද්‍රව්‍ය සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට පැමිණ ඇති එම සැකකරුවන් අතරින් හය දෙනකු සන්තකයේ තිබී කොකේන් මිලි ග්‍රෑම් 1695 ක්ද සැකකරුවන් දෙදෙනකු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද තවත් දෙදෙනකු ලග තිබී හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 1700 ක්ද අනෙක් දෙදෙනා සන්තකයේ කූෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.ඊට අමතරව ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා ග්‍රෑම් 23 යි මිලි ග්‍රෑම් 100 ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරකට අනුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතා විසින් එම වැටලීමට මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |