FB සාදයක් පවත්වන්න ගිහින් අන්තිමට වුණු දේ..ං
By Sithumi
මුහුණු පොත හරහා සංවිධානය කළ සාදයක් වටලා මත්ද්‍රව්‍ය, මත්පැන් සමඟ සැකකරුවන් 12 දෙනෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිස්සාවේල්ල - ගුරුගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක පැවති මෙම සාදය සඳහා රු.3500 ට මිල නියම කළ ටිකට් පත් අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම සාදයට පැමිණි තරුණයන් සතුව තිබූ හෂීස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් , කේරලා ගංජා සුරුට්ටු , මිල අධික මත්පැන් බෝතල් සහ බියර වර්ගද අත්අඩංගුවට ගෙන තිබෙනවා.