ෆේස්බුක් වෙත PHOTOS දාද්දි අද සිට නතර වෙන දේ මෙන්න

Facebook Social media Messenger New media Mark sakarberk
By Aruna Nov 03, 2021 03:50 AM GMT
Aruna

Aruna

Report

මින් ඉදිරියට facial recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර ඇති බව මෙටා සමාඟම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිවේඳනයෙහි සඳහන් වෙයි.

ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත.

facial recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබුණි.

දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ ෆේස්බුක් ආයතනය මේ වනවිට වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මෙටා නමින් මව් සමාගම යළි නාමකරණය කිරීමද ඊට අන්තර්ගතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now