මිය ගියේ යැයි සිතූ රටක් බියගැන් වූ ෆේස්බුක් ස්ත්‍රී දූෂකයා අල්ලා ගනී..පෙම්වතියත් ලඟ ඉදල..
බන්ධනාගාර කුටියක් තුළදී ගිනිතබා ගෙන සියදිවි නසාගත් බවට සැකකළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් වී තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ, තාබෝ බෙස්ටර් නම් එම සැකකරු ප්‍රකට වී ඇත්තේ "ෆේස්බුක් ස්ත්‍රී දූෂකයා" ලෙසයි.
එසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ටැන්සානියාවේදී වන අතර "තාබෝ" වසරක කාලයක් නිදැල්ලේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියි.
ඔහුගේ පෙම්වතිය සහ තවත් අයෙකු සමග පසුගිය සිකුරාදා බෙස්ටර් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ව දකුණු අප්‍රිකාවට පිටුවහල් කර තිබුණා.
ඔවුන් තිදෙනා අසල්වැසි කෙන්යාවට පළා යාමට අදහස් කර ඇති බවට විශ්වාස කරන බවයි එරට පොලිසිය පවසන්නේ.
බෙස්ටර් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන් රවටා ඔවුන් සමග මිත්‍රශීලීවී ඔවුන්ව දූෂණය කර ඇති බවටත්, ඉන් කිහිපදෙනෙක් මරා දමා ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |