කුඩා දැරියන් පරිස්සම් කරගන්න.. නිලූ නිලූ ෆේස්බුක් ඇවිත් කරපු දේ මාට්ටු වෙයි..
Sri Lanka Police
Facebook
Sri Lanka
Sri Lanka Social Media
By Aruna
ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, යටවර වත්තේගම ප්‍රදේශයේදීයි. අදාළ පුද්ගලයා ''නිලූ නිලූ'' නමින් ව්‍යාජ ගිණුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබිණ.
පොලීසිය පවසන්නේ, 40 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බවයි.
වැඩිදුරටත් වාර්තා වන්නේ, අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී සිටින පුද්ගලයකු බවයි.
සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |