ෆේස්බුක් ඔස්සේ කරපු පොලිස් වෙස්ගත් මහා පරිමාණ ජාවාරම මෙන්න..

Police Sri Lanka Facebook Panadura
By Aruna Oct 18, 2021 03:21 AM GMT
Aruna

Aruna

Report

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කරන අයෙකු පිළිබඳ තොරතුරක් වාර්තා වුණා.

රවිදු කල්හාර නමැති එම පුද්ගලයා, තමන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු සහ පැමිණිලි එක්රැස් කරන බවටයි තොරතුරු අනාවරණ වුණේ.

පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

පොලිස් මාධ්‍ය ඇඩ්මින්වරයෙකු ලෙසද මෙම පුද්ගලයා තමන් හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු රැස් කරන බවයි ශ්‍රාවකයෙකු කියා සිටියේ.

එම ශ්‍රාවකයා දුරකථන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී රවිදු කල්හාර නමැත්තා පොලිසියේ රාජකාරී කරන අයෙකු ලෙස ද හැසිරී තිබෙනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ වෙත ද තොරතුරු ලබාදුන් අතර ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන බවයි.

එහෙත් එවැනි විමර්ශණයක් මේ දක්වා සිදුව නොමැති බවද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now