විශේෂ නිවේදනයක් - තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන් වහාම සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

Report

අමෙරිකාවේ ගුවන්ගමන් පාලන මධ්‍යස්ථාන කිහිපයක ඇති වූ තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන්, එරටින් පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ෆෙඩරල් ගුවන්සේවා පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, රට පුරා සමස්ත ගුවන්ගමන් පද්ධතියම මෙලෙස මුළුමනින්ම අත්හිටවූ දෙවන අවස්ථාව මෙය ලෙස සැලකේ. ගුවන්ගමන් නිරීක්ෂණ සේවාවක් වන FlightAware හි දත්තවලට අනුව, මෙම සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගුවන්ගමන් 7,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී හෝ සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇත.

ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

මෙම නියෝගය නිකුත් කරන අවස්ථාවේදී ගුවනේ ගමන් කරමින් තිබූ යානාවලට ආසන්නතම ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට අවසර හිමිවූ අතර, බිම් මට්ටමේ තිබූ කිසිදු යානයකට ගුවන්ගත වීමට අවසර නොලැබිණි.

අමෙරිකානු ගුවන්ගමන් පාලන පද්ධතියේ පවතින උපකරණ සහ සන්නිවේදන පද්ධතිවල දුර්වලතා, ගුවන්ගමන් පාලකවරුන්ගේ හිඟය සහ යටිතල පහසුකම් යල්පැන තිබීම වැනි කරුණු හේතුවෙන් මෑත කාලයේදී අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටලු මතුවිය. මෙම පරිපාලන සහ තාක්ෂණික අර්බුද හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන් කලාපයේ ආරක්ෂාවට සහ ගුවන්ගමන් කාලසටහන්වලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

අදාළ ගුවන් ගමන් තහනම ඉවත් කරන වේලාව පිළිබඳව ෆෙඩරල් ගුවන්සේවා පාලන අධිකාරිය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති අතර, ඇතැම් ප්‍රදේශවල සන්නිවේදන පද්ධති ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වේ.

නොවැම්බර් 14 අද දින ඔබගේ ජීවිතයම වෙනස් කරන අද දවසේ ලග්න පලාපල

නොවැම්බර් 14 අද දින ඔබගේ ජීවිතයම වෙනස් කරන අද දවසේ ලග්න පලාපල

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එරට ගුවන්තොටුපළ සහ ගුවන්ගමන් පාලන පද්ධතිය නවීකරණය කිරීම සඳහා අමතර අමෙරිකානු ඩොලර් බිලියන 30.1ක මුදලක් වෙන්කරන ලෙස බලධාරීන් විසින් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, මෙම සන්නිවේදන බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවට හෝ මෑතකදී යුරෝපය පුරා ගුවන්යානාවලට එල්ල වූ ව්‍යාජ බෝම්බ තර්ජන සමඟ සෘජු සබඳතාවක් පවතින බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැත.

මේ අතර අමෙරිකාවේ ජාතික කාලගුණ සේවයේ ද සන්නිවේදන බිඳවැටීමක් වාර්තා වී ඇති අතර, මෙම සිදුවීම් දෙක අතර සබඳතාවක් තිබේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක කෙරේ.