නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිදු කළ රෝගීන්ට පෙනීම අහිමි වෙයි.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුටම පෙනීම අහිමි වී ඇති බවට වාර්තා වෙනවා.
අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම නිසා යළි රෝහලට ඇතුළත්වීමට සිදුවූ බවයි රෝගීන් පවසන්නේ.
එලෙස නුවරඑළිය රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව පෙනීම අහිමිවී ගිය තවත් රෝගීන් 06 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ජාතික අක්ෂි රෝහලේ ඖෂධයක් භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පසුගියදා තාවකාලිකව එහි ශල්‍යකර්ම සිදුකිරීම නතර කෙරුණා.
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය භාවිත කිරීමෙන් පසු මෙම සංකූලතාවය ඇති වූ බව සඳහන්.
ඒ, අනුව එම ඖෂධ සාම්පල, ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීමෙන් පසු මතභේදයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය රෝහල්වලින් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |