ප්‍රදේශ කිහිපයක් පුරා එකවරම ඇස් රෝගයක් පැතිරෙයි - වැඩිපුරම පාසල් සිසුන්.. ඒ ගැන දැනුම්දීමක්.. පරිස්සමින් කටයුතු කරන්න..

Jaffna Sri Lanka
By krishani Oct 06, 2023 09:52 AM GMT
krishani

krishani

Report

මේ දිනවල යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා ඇස් රෝගයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් සිසුන් බව වාර්තා වේ.

මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

ඒ එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබීමත් සමගයි.

මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ ලෙස, ඇස්වලින් කදුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් දැකිය හැකිය.

එමෙන්ම රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බව ද වාර්තා වේ.

මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස එම නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ReeCha