ගිනිගත් නැව විමර්ශනයට CID කණ්ඩායමක්(VIDEO)

ajith rohana cid express pearl marine environment authority wellavaththa
By Sewvandhi May 31, 2021 02:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කිරීම සඳහා පොලිස්පතිවරයා නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බවයි.

මේ අතර අද (31) දිනයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඉදිරි දිනකදී එහි කාර්ය මණ්ඩලයේ පිරිසගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි. දැනට නිරෝධායනය වෙමින් සිටින නෞකාවේ කපිතාන්වරයාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රැදී සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයට ගිය නමුත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් මත එය සිදුනොකෙරුණු බවයි වාර්තා වූණේ.

මේ අතර එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පරිසර පද්ධතියට සිදුවූ හානිය සොයා බැලීමට සහ එය නිරාවරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එමෙන්ම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට සූදානම් බවට පවතින ප්‍රචාර අසත්‍ය බවයි.

ගිනි ගත් නැවේ මෙහෙයුම අවසන් වූ හැටි.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now