නුවර කොළඹ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගයේ නායයෑම් තත්ත්වයක් ගැන විශේෂ පැහැදිලි කිරීමක් (VIDEO)
කොළඹ- නුවර දුම්රිය මාර්ගය හෝ කොළඹ නුවර මහා මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නායයෑමේ කිසිදු අවදානමක් නැති බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. එම්. සෙනරත් බණ්ඩාර මහතා පවසනවා.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානම සහිත කලාපය මේ වන විටත් පූර්ණ පරීක්ෂණයකට ලක් කර ඇති බවයි ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ. කොළඹ නුවර දුම්රිය මාර්ගය නායයෑම් අවදානම් සහිත බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කළා.
කොළඹ නුවර දුම්රිය මාර්ගයේ කඩුගන්නාව කොටස සහ කොළඹ නුවර මහා මාර්ගයේ කඩුගන්නාව කොටස ඉදි කිරීමේදී නිවැරදි තාක්ෂණ උපක්‍රම යොදාගෙන ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. කොළඹ නුවර දුම්රිය මාර්ගයේ කඩුගන්නාව කොටස නායයෑමේ මෙන්ම එම මාර්ගයට පස්කඳු කඩා වැටීමේ අවදානමක් ද නොමැති බවයි ඔහු සඳහන් කළේ.
කොළඹ නුවර මහා මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නායයෑමේ අවදානමක් නොමැති අතර මාර්ගයට ඉහළින් කන්දේ යම්කිසි ප්‍රදේශයක් පුරා නාය යෑමේ ලක්ෂණ ඇති වී තිබෙනවා.
නමුත් මාර්ගය නාය යෑමක් කිසිසේත්ම සිදු නොවන බව පෙන්වා දෙන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මාර්ගය වසා දමා තිබෙන්නේ ඉහළ පස්කදු මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් බවයි පෙන්වා දෙන්නේ.
එම නායයෑමේ අවදානම අවම කිරීමට දැනටමත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන අතර ඒ අනුව සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් යටතේ ඉදිරි දින කීපය තුළදී මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කිරීමටද තීරණය කර තිබෙනවා.
කඩුගන්නාවේ පැල්ම හඳුනාගත් ඩ්‍රෝන මෙහෙයුම-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |