ආයේ ලෙඩක් හැදුනත් රෝහලට යන්න බැරි වෙයි වගේ - හැමෝම පරිස්සමෙන්

Hospitals in Sri Lanka National Health Service Latest Headlines Medicines Sinhala news
By Ashfa Jul 13, 2025 10:18 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය සඳහා රුපියල් මිලියන 25කට අධික මුදලක් වැය කරමින් කල් ඉකුත් වී ඇති හෝ කල් ඉකුත්වීමට ආසන්න රසායනික ප්‍රතික්‍රියාක භාණ්ඩ මිලදීගෙන ඇති බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් දස දහස් ගණනක් වූ රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද (13) පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඔහු කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම තොරතුරු අනාවරණය කළේය. ඔහු සඳහන් කළේ, ජාතික රෝහලේ රසායනාගාරය සම්බන්ධයෙන් ජාතික විගණන දෙපාර්තමේන්තුව විසින් ජූනි මාසයේ නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ, පසුගිය වසර 3 තුළ රුපියල් මිලියන 2500කට වැඩි වටිනාකමින් ප්‍රාදේශීය මට්ටමින් මිලදීගත් රසායනික භාණ්ඩවලින් රුපියල් මිලියන 13කට ආසන්න ප්‍රතික්‍රියාක දැනට කල් ඉකුත් වී ඇති බවයි.

ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - ඉරාන ජනපතිට තුවාල

ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - ඉරාන ජනපතිට තුවාල

තවද, රුපියල් මිලියන 5කට ආසන්න වටිනාකමින් රසායනික ද්‍රව්‍යයන් මිලදී ගන්නා අවස්ථාවේ දීත් ඒවා දැනටමත් කල් ඉකුත් වී ඇති අතර, මිලියන 8ක වටිනාකමින් යුත් රසායනික භාණ්ඩ රෝහලට ලැබුණු විට එයට ඉතිරිව තිබුණු කාලය මාසයක්ට වඩා අඩු බවද වාර්තාවේ සඳහන්ව ඇත.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

2024 ඔක්තෝබර් සිට 2025 අප්‍රේල් තෙක් වූ කාලය තුළ මෙම වංචා සහිත ගනුදෙනු බහුලව සිදු වී ඇති අතර, ඒවා සම්බන්ධ ලේඛනද විගණන වාර්තාව තුළ විශේෂිතව සඳහන්ව ඇතැයි වෛද්‍ය සංජීව කියා සිටියේය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

කෙහෙළිය රඹුක්වැල්ල විද්ද වතුර හෝ ලුණු වතුරවලින් මියගිය හෝ රෝගී තත්වයන්ට පත්වුණේ හෝ අසාත්මිකතාවයන් හෝ සංකූලතාවයන්ට පත්වුණේ රෝගීන් 200 ක් 250 ක් පමණ රෝගීන් ප්‍රමාණයක් බවත් නමුත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන රෝගීන් දසදහස් ගණනකට කල්ඉකුත් වූ රසායනික ප්‍රතික්‍රීයක යොදාගෙන පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම නිසා එම රෝගීන්ට නිවැරදි ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වූ බව පැහැදිළි බවත් ඔහු සඳහන් කළේය.

වැරදි රසායනාගාර වාර්තා මත ලබාදුන් ප්‍රතිකාර නිසා මියගිය හෝ සංකූලතා ඇතිවූ රෝගීන්ගේ සංඛ්‍යාව, ලුණු වතුර සිද්ධියට වඩා ඉහළ විය යුතු බව ඔහු විශ්වාස කරන අතර, හෘදයාබාධයකින් පෙළෙන රෝගියකුට එවැනි තත්ත්වයක් නැති බව කියමින් වාර්තාවක් නිකුත් වුවහොත්, එවැනි වෛරස්කාරී විගණන ක්‍රියාවලියක් රෝගියාගේ ජීවිතයට විනාසයක් උදාවී ඇති බව ද ඔහු අවධාරණය කළේය.  

ReeCha