සියලුම විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් කරන්න යන වැඩේ මෙන්න..
පාසල් විභාග හැර සෙසු ආයතනික විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව වාර්තා වනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ,මෙතෙක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය මෙවර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය යටතට ගෙන තිබෙන අතර, ඒ සඳහා මේ වන විට අයදුම්පත් ද කැඳවා තිබෙන බවයි.
සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් වන එම විභාගය මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත බවයි පවසන්නේ.
පාසල් නොවන විභාග සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනටම විභාග දෙපාර්තමේන්තුවට ලිඛිත දැනුම් දීමක් කර ඇතැයි වාර්තාවේ.
අමාත්‍යාංශය මෙම දැනුම් දීම කර ඇත්තේ රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල බඳවා ගැනීමේ තරග විභාග වෙනමම නව රාජ්‍ය සේවා විභාග මණ්ඩලයක් මගින් සිදු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරවීම සඳහා ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද අධීක්ෂණ කමිටුවේ සභාපති, අගමැති ලේකම් අනුර දිසානායක විසින් කරන ලද දැනුම් දීම අනුවය.
විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි ජාතික විභාග පැවැත්වීමට හා නිසි කාල වකවානු තුළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් එහි සඳහන්ව තිබේ.
මහබැංකුවට කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ විභාගයක් මෙවර පවත්වා ගැනුණේ බැංකුකරුවන්ගේ ආයතනය මගිනි.
ඊට මහබැංකු වෘත්තීය සමිති ද විරෝධය පළ කළ අතර වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණේ බැංකුකරුවන්ගේ ආයතනයෙන් විභාගය පැවැත්වූයේ මහබැංකු ප්‍රධානීන්ට අවශ්‍ය පිරිස් බඳවා ගැනීමට බවය.
වසරකට ආයතනික විභාග තුන්සියයකට වැඩි ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුව පවත්වයි.
