විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Education School Exam department
By Aruna Sep 07, 2021 02:37 AM GMT
Aruna

Aruna

Report

“ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාළ විභාගය පවත්වනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර 2021 අපොස සා / පෙළ විභාගය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2022 පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නියමිතය.

උසස් පෙළ විභාගය 2021 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙම විභාගයන් අදාල දිනයන් තුලදී ස්ථිර වශයෙන්ම පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය අංශ වලින් කොල එළිය දැනුනු වහාම දිවයිනේ පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පාසැල් විවෘත පිරිමි කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පැවසීය.

ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් මෙම සාකච්ඡාවෙන් පසු අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කරන බවද පැවසූ ලේකම්වරයා කොරෝනා වසංගතයේ පවතිද්දී පසුගිය කාලයේදී පාසල් පවත්වාගෙන ගිය ක්‍රමවේදය මේ දිනවල සමාලෝචනය කරන බවද කීය.

ගුරුවරුන්ගෙන් 88%කට පමණ මේ වන විට කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවන් මේ දිනවල ලබාදෙමින් යන බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, පාසල් විවෘත කිරීම සඳහා තවදුරටත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ආසාදිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් විවෘත කර ඇතැයි පෙන්වාදෙන ඒ මහත්මිය කොරෝනා වසංගතය හේතුවෙන් වසරේ මැයි මාසය වනවිට ලෝකයේ පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් බවද පෙන්වා දෙයි.

මේ අතර පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවය.

ප්‍රධාන මාධ්‍ය ආයතනයක වැඩසටහනක් සමග සම්බන්ධවෙමින් එල්. එම්. ඩී ධර්මසේන මහතා ඒ බව පැවසීය. "උසස් පෙළ ළමයින්, සාමාන්‍ය පෙළ ළමයින් සහ ශිෂ්‍යත්ව ළමයි ටිකට මුලින්ම පාසල් සූදානම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

ඔක්තෝබර් මැද වගේ වෙනකොටවත් කියලා අදහස තියෙනවා. ඒ තීරණය හරියටම කියන්න බෑ.

අපිට නියෝග කරලා තියෙන්නේ පාසල් පටන් ගන්න පුළුවන් ළඟම දිනයේදී පටන් ගන්න දැන් සිටම පාසල් සූදානම් කරන්න කියලා. ඒ අනුව ඉදිරි කාලයේදී අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැලැස්මක් සකස් කරනවා.

ඩෙල්ටා එන්න ඉස්සෙල්ලා අපි කොවිඩ් එක්ක පාසල් පැවැත්වුවා. විභාගත් පැවැත්වුවා.

ඒ නිසා ඉදිරි කාලයේදී අපි සැලැස්සමකට වැඩ කරන්න ඕනේ." නැවත පාසල් ආරම්භ කිරීමේ වැඩසටහන අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සඳහන් විය.

කෙසේවෙතත් නැවත පාසල් ආරම්භ කිරීම රඳා පවතින්නේ කොවිඩ් රෝගය පැතිරයෑම සහ පැතිරයෑමේ සීඝ්‍රතාවය මත බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha