දෙහිවල සැන්ඩෝගේ’ ප්‍රධාන වෙඩික්කරුඅත්අඩංගුවට

Report

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ, ඔහු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරු ගුවන් හමුදාවෙන් පැනගිය අයෙකු වන අතර, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "දෙහිවල සැන්ඩෝ" නැමැත්තාගේ ප්‍රධාන කොන්ත්‍රාත් වෙඩික්කරු බවට හෙළි වී ඇත.

කොට්ටාව පොලීසිය විසින් සිදුකළ හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,500ක් සමඟ මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන ගැටලුවට ඉක්මන් විසඳුම් - නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවදානය

ඉන්ධන ගැටලුවට ඉක්මන් විසඳුම් - නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවදානය

හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකළ විමර්ශනවලදී, සැකකරු දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුකළ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබා සිටි අයෙකු බව හෙළි විය.

තවද, පසුගිය සැප්තැම්බර් 04 වන දින බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුද මොහු බවට අනාවරණය වී ඇත.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සඟවා තිබූ ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඉන්ධන ගැටලුවට ඉක්මන් විසඳුම් - නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවදානය

ඉන්ධන ගැටලුවට ඉක්මන් විසඳුම් - නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවදානය