අද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ පළාත්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (11) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (12) පස්වරු 1.00 දක්වා වලංගු වේ. ඒ අනුව, අදාළ පළාත්වලට අමතරව අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

තේ දළු නෙළමින් සිටි කාන්තාවකට ඛේදනීය ඉරණමක් - හදිසි බඹර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

තේ දළු නෙළමින් සිටි කාන්තාවකට ඛේදනීය ඉරණමක් - හදිසි බඹර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

රාජ්‍ය සේවකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්

රාජ්‍ය සේවකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්

Gallery