මුළු මැදපෙරදිගම ලේ විලක් කරමින් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට බෝම්බ ප්‍රහාරයක්

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ විශාල ප්‍රමාණයේ බොරතෙල් ප්‍රවාහන නෞකාවක්, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් විශාල ගින්නක් හටගෙන ඇති බව ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

අනුමැතිය ලබානොදුන් මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට උත්සාහ කිරීමේදී මෙම නෞකාව අනතුරට ලක්ව ඇති අතර, ඊට පෙර නෞකාවේ නාවික මාර්ගෝපදේශන සහ GPS පද්ධති අක්‍රිය කර තිබූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කරයි. පිපිරීමෙන් පසු හටගත් දැවැන්ත ගින්න වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවා දර්ශනය වී ඇති බව වාර්තා වේ.

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක නීති හා රෙගුලාසි නොසලකා හරින නෞකාවලට මෙවැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අවධාරණය කරයි.

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්

එමෙන්ම, අවසර නොලත් මාර්ග භාවිත කරන නෞකාවලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී හෝමුස් සමුද්‍ර සන්ධියට පමණක් සීමා නොකර, සමස්ත කලාපය පුරාම ක්‍රියාත්මක කරන බවටද එම බලකාය වැඩිදුරටත් අනතුරු අඟවයි.