ඉන්ධන ගැටලුවට ඉක්මන් විසඳුම් - නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවදානය
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්දයෙන් අවදානය යොමු වී ඇති බවයි.
ඊයේ (10) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳපොල තුල ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි.
අමාත්‍ය අනුර කරුණාතිලක මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය දෛනික ඉන්ධන සැපයුම 80% ක් පමණ දක්වා ඉහළ දමා ඇති බවයි.