තේ දළු නෙළමින් සිටි කාන්තාවකට ඛේදනීය ඉරණමක් - හදිසි බඹර ප්රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ
By Malith Madushan
නානුඔය පොලිස් වසමට අයත් එඩිම්බරෝ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවක් බඹර ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අදාළ කාන්තාව තේ වත්තේ වැඩ කරමින් සිටියදී තේ පඳුරක් අසල බැඳ තිබූ බඹර කූඩුවක් ඇගේ පයට පෑගී තිබේ. ඒ සමඟ ඇවිස්සුණු බඹරුන් ඇයට ප්රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.