අන්තරේ පා ගමන අතර අගමැති නිවස ආසන්නයේ උණුසුම් තත්ත්වයක්...(VIDEO)

Report

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිවස ආසන්නයට පැමිණීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ පා ගමන මේ වන විට බොරැල්ල හරහා විජේරාම පාර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම පාර ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ විශ්වවිද්‍යාල සිසුන් රැදී සිටින බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.

කෙසේ වෙතත්, මෙම පා ගමන හේතුවෙන් කොළඹ - ගාලුමුවදොර පිටියට පිවිසෙන මාර්ග කිහිපයක්ම පොලිස් මාර්ග බාධක දමා වසා දමා තිබුණා.

ඔවුන්ගේ මෙම විරෝධතාවට අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට මීට පෙර පොලීසිය කටයුතු කර තිබුණා.

මීට පෙර ඔවුන් කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දෙසට ගමන් කිරීමට නියමිතව තිබූ බව සදහන්.

කෙසේ වෙතත් පසුව ඔවුන් මරදාන ඔස්සේ බොරැල්ල දෙසට ගමන් ආරම්භ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now