අමිලට තිබ්බේ විකෘති ආසාවන්. .ඒ තරම් මට වද දුන්නා

Sri Lanka Police Hospitals in Sri Lanka Gossip Today Sinhala news
By Hashan May 23, 2025 03:15 AM GMT
Hashan

Hashan

Report

මරදාන ප්‍රදේශයෙන් ලැබුණු කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ.   

මේ අහිංසක තරුණිය නමින් මිහිරි කියල තමයි කවුරුත් එයාට කතා කරේ.  මිහිරිගේ තාත්තට තිබිල තියෙනවා වඩේ කරත්තයක්.  වඩේ විකුණලා ගන්න සල්ලි වලින් තමයි මේ පවුල නඩත්තු වෙලා තියෙන්නේ . කොටින්නම කිව්වොත් පවුලේ ප්‍රධානතම අදායම් මාර්ගය මේ වඩේ කරත්තය තමයි .

කොහොම හරි මේ මිහිරි කියන තරුණියට අම්ම ඉඳල නෑ . අම්මා පොඩි මල්ලි ලැබුණට පස්සේ ඒ මල්ලිවත් දාලා ඔය කොහේද දුර පළාතක මනුස්සයෙක් එක්ක පැනලා ගිහින්.   

තාත්තා හරියට බිව්වා... හැම වෙලාවෙම නරක වචන කියලා මිහිරිට බැනලා තියෙනවා. පොඩි මල්ලිව බලාගන්න කෙනෙක් නැති හින්දා ආච්චිට උදව්වෙන්න මිහිරිට , ගෙදර නතර වෙන්න වුණා... ඉස්කෝලේ ගමන අවුරුදු 13දී නතර වුණේ ඒ හින්ද.   

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

තාත්තා ආපහු ගෑණු කෙනෙක්ව කසාද බැන්දා. මිහිරි ගේ පවුලේ හතරක් හිටියා , ලොකු මල්ලිලා දෙන්නා ඉස්කෝලේ ගියා... කඩින් කඩ... පැල්පතක් වගේ පොඩි ගෙදරක තමයි ජිවත් වුණේ ... ඒ ජිවිතේ කියන තරම් ලේසි වුණේ නැහැ ... තාත්තාගේ අලුත් ගෑණු කෙනා මිහිරිට ජිවිතේ අපායක් කරා...

අවුරුදු 18 දී මිහිරිව අමිල කියලා කොල්ලෙක් එක්ක පවුල් කන්න යැවුවේ ඔය ගෑනු .එකත් බලෙන්ම

ඉතින් මෙතනින් එහාට තමයි මිහිරිගේ ජිවිතේ අපායක් වෙන්න පටන් ගත්තේ  කතාවේ ඉතුරු ටිකත් කියවලාම ඉන්නකෝ ....

අමිල කියන්නේ බස් එකක කොන්දොස්තර රස්සාව කරපු කෙනෙක් ... අමිල හැමදාම රෑට බීලා තමයි ගෙදර ආවේ.. බීල ඇවිල්ලා හැමදාම රෑට අමිල මිහිරිට පුදුම වදයක් දීලා තියෙනවා . ඒවා කියන්නවත් බැහැ ... අමිලට තිබ්බේ විකෘති ආසාවන්.. අමුතු අමුතු දේවල් කරල තියෙනවා ... මේක මිහිරිට දරා ගන්න බැරි වුණා...

අමිල මිහිරිට ආදරේ කළේ නැහැ.. අමිලට ඕනී වුණේ රෑට ඇවිත් ... ඒ ගින්න නිවා ගන්න විතරයි...

හවස හය පහුවෙනකොට මිහිරිට බය හිතෙන්න පටන් ගත්තා... රෑ වෙන කොට අත් කකුල් වෙව්ලනවා බයටම ... ...

කොහෙමෙන් කොහොම හරි මිහිරිගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ ඔය කාලෙදි... මිහිරිට දරුවෙක් ලැබෙන්න ඇවිත් තිබුණා.. අමිල ඒක දැන ගත්ත වෙලාවේ හැසිරුනේ හරියට යකෙක් වගේ... කම්මුලට ගැහුවා බෙහෙත් හරියට බීලා නැහැ කියලා.. අහිංසක මිහිරි ගොලු වෙලා හිටියා..

බලෙන්ම එක්ක ගිහින් හොර දොස්තර කෙනෙක් ගාවට දරු ගැබ නැති කරා...

එතනින් එහාට මිහිරිට මේ හැම දෙයක්ම දරා ගන්න බැරි වුණා...එයා බලාගත්තු අත බලාගෙන ඉන්න පටන් ගත්තා.. කන බොන එක පවා අඩු වුණා... පිරිසිදු කම නැති වුණා .. තනියම කියවන්න පටන් ගත්තා... වෙලාවකට හිනා වුණා.. වෙලාවකට ඇඩුවා.. වෙලාවකට ඇදුම් හරියට අදින්නේ නැතුව පාරේ ඇවිද්දා..

ගෙදර අයට පණිවිඩ පිට පණිවිඩ යැවුවත් කවුරුවත් ආවේ නැහැ...

අවසානයේ අමිල ගැන ගමේ මිනිස්සු පොලිසියට කියලා තිබ්බා... පොලිස් කාන්තා කාර්‍යංශයෙන් ඇවිත් මිහිරිව ඉස්පිරිතාලේ නතර කරා...අමිලව පොලිසියෙන් ඇරෙස්ට් කරා...

ඩොක්ටස්ලා කිව්වේ මිහිරිට දරුණු මානසික රෝගයක් කියලා... අහිංසක මිහිරිගේ ජිවිතේ අන්තිමට නතර වුණේ අංගොඩ මානසික රෝහලෙන්... දැන් අවුරුදු දෙකක් ගෙවිලත් මිහිරිට සිහියක් කල්පනාවක් නැහැ... හැම වෙලාවෙම කොට්ටයක් බබෙක් වගේ වඩා ගෙන ඉන්නවා... එයාගේ බඩේ දරුවෙක් ඉන්නවා කියනවා... සමහර වෙලාවට සතියක් විතර වචනයක්වත් කතා නොකර ඈත බලාගෙන ඉන්නවා...

ඇත්තටම මිහිරිගේ ජිවිතේ හරිම පව්... ඒ අහිංසකී මොන වරදක් කරාටද ? මෙහෙම ජිවිතයක් උරුම වුණේ...

නම මිහිරි කියලා ලැබුණට අමිහිරිම ජිවිත කතාවක් ලියවුණු තවත් අසරණියකගේ කතාවක් මේ විදියට අවසානයේ අංගොඩ මානසික රෝහලෙන්න නතර වුණා. 

නගරාධිපතිනිය බල්තසාර්… සනාථයි... ස්ථිරයි

නගරාධිපතිනිය බල්තසාර්… සනාථයි... ස්ථිරයි


ReeCha