EPF ප්‍රතිලාභ ලබන්නන්ට සුබ ආරංචියක්..
Manusha Nanayakkara
Sri Lanka Politician
Government Employee
Sri Lanka
By Aruna
අර්ථසාධක ගන්න රටේ වටේම කාර්යාල වැඩ
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවායෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන ‘1958’ කෙටි දුරකථනය අංකය සහ appointment.labourdept.gov.lk යොමුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් ඊයේ (01 වැනිදා) ජනගත කෙරුණා.
ඒ අනුව නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් මෙතෙක් සීමා වී තිබූ මාර්ගගත පහසුකමද ඊයේ (01 වැනිදා) සිට දිස්ත්‍රික් කාර්යාල 40ක්, උප කාර්යාල 17ක් සහ කලාප කාර්යාල 11ක් වෙතින් ද ලබාගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |