පාස්කු ප්‍රහාරය වත්මන් ජනපතිගේ සැලසුමක්..? ප්‍රබල චෝදනාවක්.! ඇත්ත මෙන්න..(VIDEO)

ESTER ATTACK GOTABAYA RAJAPAKSHA KAMAL UNARATHNA
By Sewvandhi Sep 10, 2021 02:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂා තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස වගකීමෙන් පවසන බවද ඔහු පැවසීය.

දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ ඔහු බොරු මත වලට නොරැවටෙන්නැයි තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha