ශම්මි සිල්වා ඊයේ මාධ්‍ය හමුවේ කියපු බොරු කතාවේ ඇත්ත නැත්ත ESPNcricinfo හෙළි කරයි.

Cricket Sri Lanka Cricket Sri Lanka International Cricket Council
By Wayomi Nov 12, 2023 05:27 AM GMT
Wayomi

Wayomi

Report

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ, ජුලි මාසයේදී ද ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේදී තමන් මැදිහත්ව එය නැවැත්වූ බවයි.

කෙසේ වෙතත් ESPNcricinfo වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබඳවද ආන්දෝලනාත්මක අනාවරණයක් කර තිබෙනවා.

ඒ, අනුව 2022 දීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ICC වෙත පැමිණිලි සිදුකර ඇති බවට එම වෙබ් අඩවිය පැහැදිලිවම තොරතුරු වාර්තා කර ඇත.

එමෙන්ම 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව කරුණු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ICC සාමාජිකයන් පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව මූලික සාක්ෂියක් ICC ට සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ESPNcricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් පේනවා දී තිබෙනවා.

මීට අමතරව මෙම වෙබ් අඩවිය අවධාරණය කරන්නේ, රොෂාන් රණසිංහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ සහ පාලන ගැටළු සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අතර, සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවට මැදිහත් වූ බවට චෝදනා කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රටේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර පසුගිය වසර පුරා ගැටුමක් පැවතීම මෙම ප්‍රශ්නයේ පසුබිම බවයි.   

ESPNcricinfo සිදු කළ හෙළිදරව්ව. 

ReeCha