කර්මාන්තශාලා වලටත් වඩා සුපිරියට බල්බ් හදන එප්පාවල හපනා ...
By Parami Dissanayake
විදේශ රටට ඇදී යන ඩොලර් කීපයක් හෝ ඉතිරි කර ගැනීමේ අරමුණින් බල්බ් වැල් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ සිසුවෙකු පිළිබඳ පුවතක් එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
නමින් පවන් නිම්සර දිසානායක වන ඔහු වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙක්. ඔහු ළඟ බල්බ යොදා ගෙන ඉතා ගුණාත්මක බවින් යුතුව, වර්ෂා ජලයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරනු ලබන මේ බල්බ් වැල් වසර කීපයක්ම භාවිත කළ හැකි පරිදී උසස් ප්‍රමිතියෙන් පවතින බව වාර්තා වේ.
ඒසේම, ඔහුට ඉතා කෙටි කාලයක් තුළ විදුලි බල්බ වැලක් නිර්මාණය කිරීමේ හැකියාවක් සහ දක්ෂතාවයක් ඇති බවත් අපිට පෙනී ගියා.
ඔහු තමන්ගේ කුඩා ව්‍යාපාරය ගැන අදහස් දැක්වූයේ මේ අයුරින්.
මෙවන් දක්ෂ දරුවන්ට අත හිත දිය හැකිනම් අපේ රටේ අනාගතය ගැන බිය විය යුතු නැහැ ...
