කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - මේ දක්වා ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි අත්හිටුවයි

Report

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් (EPF) දත්ත පද්ධතිය මෙන්ම ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිත මහජන සේවාවන් අදාළ දෙදින තුළ ක්‍රියාත්මක නොවන බවයි.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ඒ අනුව එම දිනවලදී ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු මහජන සේවාවන් සිදු නොවන අතර, එම දිනයන් හි සේවාවන් ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් වෙත පහසුකමක් සලසා ඇත.

ඒ අනුව වේලාවන් වෙන් කරගත් සියලු දෙනාට ඉදිරි මාසයක කාලය තුළ ඕනෑම රාජකාරි දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ තමන්ට හිමි සේවාව ලබා ගැනීමේ හැකියාව පවතින බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අදාළ නිවේදනය මඟින් දැනුම් දෙයි.

පවතින තත්ත්වය මත වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ අනාවරණයක්

පවතින තත්ත්වය මත වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ අනාවරණයක්