දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් ළමුන් උදෙසා ජාතික මෙහෙයුමක්
ශ්රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීමේ තිරසාර පරමාර්ථය පෙරදැරිව, පාරිසරික දැනුම විධිමත් හා අවිධිමත් ක්රම වේද හරහා ළමා පරපුර වෙත සමීප කරවීම සඳහා පරිසර අමාත්යාංශය මඟින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
ඒ අනුව මෙරට පාසල් දරුවන්ගේ පාරිසරික සාක්ෂරතාව ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ක්රියාත්මක වන මෙම වැඩසටහන් මාලාවේ වයඹ පළාත් වැඩසටහන අද දින (5) පෙරවරුවේදී වෙන්නප්පුව බුත්ගම්පල කනිෂ්ඨ විද්යාලීය පරිශ්රයේදී සාර්ථකව පවත්වා ඇති බව සඳහන්.
පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට මැල්ලව කනිෂ්ඨ විද්යාලය, බුජංගල කනිෂ්ඨ විද්යාලය සහ බුත්ගම්පල කනිෂ්ඨ විද්යාලය යන පාසල් නියෝජනය කරමින් ශිෂ්ය ශිෂ්යාවන් 250 කට ආසන්න සංඛ්යාවක් සහභාගී වී ඇත.
සාම්ප්රදායික පන්ති කාමර සීමාවෙන් ඔබ්බට යමින්, විධිමත් මෙන්ම අවිධිමත් ප්රායෝගික ක්රමවේදයන් හරහා දරුවන් වෙත පාරිසරික දැනුම සන්නිවේදනය කිරීම මෙම ජාතික ප්රවේශයේ ප්රමුඛ ලක්ෂණයයි.
එහිදී පාරිසරික විද්යාඥයින් සහ ක්ෂේත්ර විශේෂඥයින්ගේ මෙහෙයවීමෙන් සූදානම් කර තිබූ ප්රායෝගික වැඩමුළු මාලාව හරහා ස්වාභාවික පරිසර පද්ධති සජීවීව නිරීක්ෂණ කරමින් ජෛව විවිධත්වය හඳුනා ගැනීම සහ සංරක්ෂණය, ගෝලීය දේශගුණික විපර්යාසවල අභියෝග, වායු දුෂණය පාලනය කිරීමේ නවීන ක්රමවේද මෙන්ම ඝන අපද්රව්ය විද්යාත්මකව කළමනා කරණය කිරීම ආදී කාලීන ප්රායෝගික පුහුණු ගණනාවක් සඳහා සිසුන් මෙහිදී සක්රීයව දායක වේ.
නගරයේ සිට ගම්දනව් දක්වා එක හා සමානව ව්යාප්ත කෙරෙන මෙම වැඩපිළිවෙළ, වත්මන් රජය මඟින් පාරිසරික සාක්ෂරතාව ඉහළ නැංවීමට ක්රියාත්මක කරනු ලබන දීපව්යාප්ත දැක්මේ ආරම්භක පියවරක් වේ.
ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්රියාත්මකයි
පාසල් වියෙන්ම දරුවන් තුළ පාරිසරික වගකීම, සදාචාරාත්මක නායකත්වය සහ ආකල්පමය වෙනස රෝපණය කිරීම මඟින්, හුදෙක් දැනුමෙන් පිරි පිරිසක් වෙනුවට ස්වාභාවික පරිසරයේ ස්පන්දනය හඳුනන ” පරිසර සංවේදී පුරවැසි පරපුරක් ” බිහි කිරීම රජයේ දීර්ඝකාලීන අපේක්ෂාවයි.
එමෙන්ම පාරිසරික අධ්යාපනය ඔස්සේ අද දින දරුවන්ගේ සිත් තුළ වපුරනු ලබන මෙම යහපත් ආකල්පමය බීජ, හෙට දිනයේ ශ්රී ලංකාවේ තිරසාර පැවැත්ම සහ හරිත අනාගතය තීරණය කරන ප්රධානතම සාධකය බවට පත්වෙන බව සඳහන්.
ඒ අනුව පරිසර අමාත්යාංශයේ මූලිකත්වයෙන් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි, අනාගත පරම්පරාව සසොබන් පරිසර හිතකාමීන් ලෙස හැඩ ගැස්වීමේ මෙම දැවැන්ත ජාතික මෙහෙයුම ඉදිරියටත් නොනැවතී ක්රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්