ආන්දෝලනාත්මක පුවත් මැවූ ජැෆ්නා කිංග්ස් අවසන් සටනට

Report

ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත්කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (05) සමත් විය.

මෙය ඔවුන් LPL ඉතිහාසයේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 5වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පළමු සුදුසුකම් ලැබීමේ (Qualifier 1) තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 243ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 228ක් පමණි.

ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට - කණ්ඩායම් නමත් වෙනස් කරයි

ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට - කණ්ඩායම් නමත් වෙනස් කරයි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් දක්වා ඔසවා තැබූ කමිල් මිශාර, පන්දු 55කට පමණක් මුහුණදෙමින් හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය.

මෙය ඔහු විස්සයි20 ක්‍රිකට් පිටියේ රැස්කළ මංගල ශතකය ද වේ. ඊට අමතරව ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් Khawaja Nafay ලකුණු 54ක් සහ තව්හිද් රිදෝයි නොදැවී ලකුණු 54ක් රැස් කළහ.

ලංකාවටයි ඉන්දියාවටයි අතිශයින්ම වැදගත් ටෙස්ට් තරග දෙකක් - ඉන්දීය ටෙස්ට් කණ්ඩායමත් ලංකාවට එයි

ලංකාවටයි ඉන්දියාවටයි අතිශයින්ම වැදගත් ටෙස්ට් තරග දෙකක් - ඉන්දීය ටෙස්ට් කණ්ඩායමත් ලංකාවට එයි

නොදැවී ලබාගත් මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් ජැෆ්නා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස්කළ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඉතිහාසගත විය.