සලේ නිසා හිටපු පා. මන්ත්‍රී උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ පා. මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු ලොක්කෝ රැසකට වැඩ වැරදෙයි

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන ලෙස මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (05) දින දැනුම් දී ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී අද (05) දින දැනුම් දුන්නේ මෙම හය දෙනා, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන ලෙස විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණයට අපහාස වන ලෙස කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එම දැනුම් දීම සිදුකරනු ලබන බවයි.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු ඉදිරිපත් කිරීමකට අඳාළව මහේස්ත්‍රාත්වරයා මෙසේ දැනුම් දී ඇත.

එසේම ඉහත නම් සඳහන් හය දෙනා, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ ප්‍රචාරණය ඇති බවත්, එය මෙම විමර්ශනයට බාධාවක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අඳාළ ප්‍රක‍ාශ අධිකරණයට අපහාසයක් බවත් එසේ අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, මෙම පුද්ගලයන් හය දෙනා විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව ඉකුත් 2026 ජුනි මස 07 වැනි දින සිට මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද අඳාළ ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට ද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී ඇත.

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න