වැඩ භාරගැනීමෙන් පසු නව හමුදාපති පළමු වරට අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා වශයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව ඇත.
ඒ අනුව වැඩ භාරගැනීමෙන් පසු නව යුද හමුදාපතිවරයා, අග්‍රාමාත්‍යතුමිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය විය.
හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යතුමිය හමුවීමේ සම්ප්‍රදාය ඉටුකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, අග්‍රාමාත්‍යතුමිය සමග සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කළා.
එහිදී යුද හමුදාපති ධුරයට පත්වූ නිලන්ත ප්‍රේමරත්න මහතාට අග්‍රාමාත්‍යතුමිය සිය සුබපැතුම්ද පිරිනැමූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.
බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න


