සා.පෙළ ඉංග්‍රීසි පේපරය උපකාරක පන්ති ගුරාට වට්ඇප් කළ කෙනා අහු වෙලා..

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

සා.පෙළ ඉංග්‍රීසි පේපරය උපකාරක පන්ති ගුරාට වට්ඇප් කළ කෙනා අහු වෙලා.. | English Paper Of Ordinary Level Examination

ඒ සම්බන්ධයෙන් අද(12) විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ විභාගය පැවැත්වෙන අතරවාරයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර හසලක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ය.

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)


මේ අතර, ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් මහනුවර ප්‍රදේශයේ දී ය.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගියදා (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත්, නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට වට්සඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උස්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


මේ වින විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීත්‍යානුකූල පියවර ගන්නා බවත් ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.