තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

Report

පසුගියදා සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවති විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කළේ ය.

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO) | Sri Lanka S Odinary Level Examination

මේ බව මන්ත්‍රීවරයා සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමින් ය.

විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවට ඒ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

ආන්දෝලනාත්මක සා.පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්වරයා කියන දෙය..

ආන්දෝලනාත්මක සා.පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්වරයා කියන දෙය..


එහිදී විභාගය පවත්වා මාසයකින් පසු සිදුකරන ලකුණු ලබාදීමේ ප්‍රගති සමාලෝචනයේ දී මේ පිළිබඳ සාකච්ඡා කර දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම්දුන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. 

වීඩියෝ දර්ශන - Ada Derana


.