මාලිමා ආණ්ඩුවට කට උත්තර නැති වෙන්න රවී කරුණානායක ගණන් කියයි
හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කර සිටියේ මුදල් මුද්‍රණය නොකරන බවක් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුනද 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් බිලියන 1427.9ක් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම තුළින් (M2b) මුදල් මුද්‍රණය කර ඇති බවයි.
ඔහු පැවසුවේ,
“රජයට සල්ලි මුද්‍රණය කරන එක අත්‍යාවශ්‍යයි. හැබැයි ඒක කරන්න අවශ්‍ය වන්නේ වත්කමක් සමග. මේ ප්රශ්නය ඇහුවාම කියලා තියෙනවා ආණ්ඩුව සල්ලි මුද්‍රණය කරන්නෙ නැහැයි කියලා. නමුත් මුද්‍රණය කරනවා. මුද්‍රණය කරන්නෙ නැත්නම් ආර්ථිකය සංකෝචනය වෙනවා. මේක පාවිච්චි කරලා තියෙන්නෙ මොන සංවර්ධනයටද කියන එකයි ප්රශ්නය. මේක පුනරාවර්තන වියදම්වලට පාවිච්චි කළොත් තමයි ප්රශ්නය. ඒ ප්රශ්නය අහනකොට තමයි උදේ අපට අහන්න ඉඩ ලබාදුන්නෙ නැත්තෙ.
2024 ඔක්තෝබර් – බිලියන 58.7 2024
නොවැම්බර් – බිලියන 78.3 2024
දෙසැම්බර් – බිලියන 234.8 2025
ජනවාරි – බිලියන 117.4 2025
පෙබරවාරි – බිලියන 104.7 2025
මාර්තු බිලියන – 233.9 2025
අප්‍රේල් – බිලියන 154.2 2025
මැයි – බිලියන 33.6 2025
ජුනි – බිලියන 210.3 2025
ජුලි – බිලියන 151 2025
අගෝස්තු – දැනට බිලියන 51
මේකෙන් දැනට වත්කමක් සහිතව කොහොමද මේක ගෙනියන්න පුළුවන් වෙන්නෙ ?” ලෙසයි.