ඉන්ධන සොරකමට සම්බන්ධ සේවකයන්ට සිදු වූ දේ...

Report

අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බවයි.

ඉන්ධන සොරකමට සම්බන්ධ සේවකයන්ට සිදු වූ දේ... | Employees Involved In The Fuel Theft 

මෙම ඩීසල් සොරකම පසුගිය සැප්තැම්බර් මස 19 වනදා සිදුව තිබෙනවා.

එම සොරකම පිලිබඳ සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණා.

අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සොරකම් සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩතහනම් වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අනුරාධපුර පොලීසිය ද විමර්ශන සිදු කරන බවයි.

එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරඟය අද...

එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරඟය අද...