රැකියාවල නියුතු කාන්තාවන් සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් ගැන අණාවරණයක්..
Sri Lanka
By krishani
රැකියාවල නියුතු කාන්තාවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු කියා සිටියේ ය.
ඒ පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
මෙම අවදානම් තත්ත්වයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ත් සහ 65ත් අතර කාන්තාවන් බව ඇය පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.
එමෙන්ම, වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව වාර්තා වේ.
