වධහිංසා ඉවසාගත නොහැකිව අම්මා එපා කියමින් හඬන කුඩා දැරියගේ සංවේදී කතාව

Story
By Thaya Mar 05, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයෙන් මව්පියන් නීතියෙන් වෙන්වූ පසු මව සමග කල් ගෙවන අවුරුදු 2යි මාස 6ක් වයසැති දැරියක මුහුණදෙන ශාරීරික සහ මානසික වදහිංසාවලට ලක්වන පුවතක් අපට වාර්තා වුණා. මෙම දැරියගේ පියා පවසන පරිදි ඔහුට සිය දියණියව දැකගත හැකිවන්නේ සෑම බදාදා දිනකම පැය 3ක කාලයක් පමණ බවයි. මෙලෙස දියණිය හමුවන අවස්ථාවලදී යළිත් මව හා යාමට නොහැකි බව පවසමින් දැරිය හඬා වැටෙන බවයි ඔහු පවසන්නේ. මේවන විට දැරියගේ පියා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.